Saturday, October 29, 2016



පහත දැක්වෙනුයේ කොළඹ දිස්ත්‍රික්කයේ  ගමක පරිණාමය දැක්වෙන නව කෘතියකි.

ගම සිසිලස එදාට වඩා අඩු ද වැඩි ද ? ගමේ වසන්නන්ගේ සිසිලස අඩු ද වැඩි ද කියා විමසා බැලීමට මෙය  උපකාරී වනු ඇත.




සිසිලස.....   සිතට සිසිලස .....

සය පැත්තෙන් ගිනි ඇවිලෙන, යකඩ බිත්ති වලින් සැදුණ
විසල් කූඩුවක සිරවී, සිටිනෙමු සිසිලස සොයමින්
මෙයින් මිදී සිසිලස වෙත
යන්නේ කෙලෙසදැයි සිතමු...

මේ කූඩුව වෙන කවුරුන් හෝ තනා දුන් දෙයක් නොව අප විසින්ම නිර්මාණය කරන ලද්දකි.
එය ඇත්තේ වෙන කොතැනකවත් නොව අපගේ සිත් තුළය.
මෙය කඩා බිඳ දැමිය හැක්කේ ද අපටමය.
කූඩුව බිඳ
දමන තුරු එය තුළ යම් සිසිලසක් ලබන්නටද වෙර දරමු.

ඇතැම් විට මේ අරමුණ අමතක වී වෙනත් මාවත්වල යන අවස්ථා ද ඇතිවිය හැකිය. ඒ වැරදීම් ද අරමුණ වෙත යන විට ඇතිවන කළකිරීම් ද මෙහි තිබිය හැක.


එහෙත් ...

"තරව සිහි ඇතිව පරතෙරට යන අටින්" අපි පෙරට යමු.